Sunday, November 28, 2010

මකන කෑල්ල

පුන්චි කාලෙ හරිම සුන්දරයි..හිත් හරිම අහින්සකයි..මේ සිද්දිය වුනේ මම 4 පන්තියේදී..
ඒ කාලෙ අපි 4දෙනා ගානෙ රවුමට තමයි පන්තියෙ ඉන්දවල තිබුනෙ..දවසක් අපේ මේසෙ ලග බිම ලස්සන අලුත් ම අලුත් මකනයක් වැටිල තිබුනා..පුන්චි කාලෙ ඉතින් ඔය ලස්සන සෝබන බඩු වලට ආසයිනෙ..මකනෙන් මකන්නෙත් 1 පැත්තකින් විතරයි..
ඉතින් මගෙ යාලුවා මට කිව්වා අපි මේක කපල බෙදා ගමු කියලා..මාත් ඉතින් එක පයින් කැමති උනා..ඔන්න දෙන්න ඒක බෙදා ගත්තා..ටික වෙලවකින් ගැනු ලමයෙක් එයාගෙ මකනෙ හොයනවා.. දෙවියනේ එයාගෙ මකනෙ තමයි අපි කපල තියෙන්නේ...
ඒ ලමයගෙ අම්ම එහෙමත් හැම වෙලේම වගෙ ඉස්කොලෙට එනවා යනව..ගුරුවරු එහෙමත් අදුරනව..අපේ අම්මල වගේ නෙමේ..
එයාට ලස්සන ලස්සන විසිතුරු බඩුත් තියනවා..පොහොසත් ලමෙයෙක්ය කියල තමයි මට එයා ගන ඒ කාලෙ හිතුනේ...

ඉතින් කොහොමහරි අපි සද්ද නැතුව හිටියා..හැබයි හොඳටම බය උනා..අම්මට කියල අපිට ටීචර්ට කියල ගස්සවයි කියල.. ඉතින් ටික වෙලාවකින් ඔන්න ඉස්කෝලෙ ඇරිය..කිව්ව වගේම අර ලමයගෙ අම්ම ආව..මම පස්ස නොබාලාම ගෙදර දිව්වා..අපේ ගෙදරට ඉස්කෝලෙ ලඟ ඉදන් විනාඩි 10 දුර..ඔන්න ගෙදර ගියාට මගේ හිතට හරි නෑ..
ඔහොම හවස් උනා..එක පාරටම මම අර ලමයගෙ අම්ම අපෙ ගේ ඉස්සරහින් යනව දැක්ක...මම දන්න විදියට එයල ඉන්නෙ අපි ඉන්න ගමෙත් නෙවි..තවත් බය උනා..මකනෙ කෑල්ල ගත්ත එක්කෙනා හොයන් එනව කියල..
එදා මම දිග පු‍ටුවට වෙලා ගුලි වෙලා මූනත් බෙරි කරන් හිටියා..කා එක්ක වත් කතා කලෙත් නැ..අයියා එක්ක රන්ඩු කරන්න ගියෙත් නෑ.. අම්මට ඇල්ලුවෙ නෑ මම ඉන්න තාලෙ..
"මොකද පුතෙ?"...අම්ම අහුවා
එක පාරටම මම හෝස් ගාලා අඩන්න පටන් ගත්තා.. අම්මෙ ලමයෙක්ගෙ මකන කාලක් අපි ඩෙකට කපල බෙදා ගත්ත..එයාගෙ අම්ම දැන් අපිව හොයා හොයා ඉස්සරහ පාරෙන් යනව දක්ක...අනෙ මට බයයි අම්මෙ..

ඔන්න ඔහොමයි සිද්දිය....අම්මට කිව්වට පස්සෙ බය ටිකක් අඩු උනා..අම්ම කිව්ව ඒ ලමයට අලුත් මකනයක් ගෙනිහින් දෙන්න කියල..

දැන්නන් මතක් වෙනකොටත් හිනා යනවා..

ඊට ටික දවසකට පස්සෙ ඒ ලමය අපෙ ඉස්කොලෙන් අස් උනා..ඔහොම කාලය ගෙවිල ගියා..5 පන්තියෙන් පාස් වෙලා මම අලුත් ඉස්කෝලෙකට ගියා....
කොහොම හරි මම 8 වසරෙදි අම්මලගෙ ඉස්කෝලෙ sir කෙනෙක් මට ගනන් කියල දෙන්න ආවා..එතකොට class 1 ලමයි 4..ගෙවල් ලඟ යාලුවො 3න් දෙනෙකුයි මායි..ඔන්න අර ලමයයි අම්මයි අපේ ගෙදර ආව class 1 හොයා ගෙන..මට පොඩි කාලෙ සිද්දිය මතක් උනා....එදා තමයි මම දැන ගත්තෙ එයාගෙ අම්ම ග්‍රාමසේවා නිලදාරියෙක් කියලා..ඉස්කොලෙට එහා පැත්තෙ තමයි ග්‍රාමසේවා කාර්යාලය තිබුනේ..එතකොට එයාගෙ අම්මා හැමවෙලේම ඉස්කොලෙට ඇවිත් තියෙන්නෙත් ,ඉස්කෝලෙට ලඟ හිටපු නිසා...එතකොට එදා ගේ ඉස්සරහින් යන්න ඇත්තෙත් ග්‍රමසේවක නිසා ගෙයක් හොයන්න වෙන්නැති කියල මට එදා හිතුනා...
ඔන්න ඔහොමයි වැඩේ..
අනේ මගෙ මොලේ හොදයි ඇලේ දාන්න..බොරුවටනේ එදා මම බය වෙලා තියෙන්නෙ..
පුන්චි හිත් ඒ වගේ...අහින්සකයි කියල මට දැන් හිතෙනවා...

ඇත්තටම අපි පුන්චි කාලෙ මල් වගේ......!

Friday, November 26, 2010

බෝනික්ක්යි මමයි..

"අම්මේ අම්මේ ..අන්න නන්ගි අද හොඳ වැඩක් කලා..
එයා අම්මගෙ සාරියක් කැපුවා.."
'අයියා බොරු කියන්නේ..මම චූටි කො‍ටුවක්නෙ කපා ගත්තේ..'
'මොනවා ..මේ මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ..මොකද්ද දැන් මේචූටි රෙදි කැල්ලෙන් කලේ??'
"මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.."
"ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ.. ගෙදර අච්චර අහකදාන චීත්ත රෙදි තියෙද්දි??"
'බෝනික්කට සාරියකට නේ... ඉතින් එහෙනන් අම්මටත් පුලුවන් නෙ ආච්චිගෙ චීත්ත වලින් සාරි අදින්න..'
"ඉතින් ඇයි පුතා කොනකින් නැතුව මේකෙ මැදින්ම කැපුවෙ??
'කොනකින් තමයි කැපුවේ... දිග ඇරියොත් නවාගන්නත් බැනෙ.. නවල තියෙද්දිම කොනකින් කැපුවා අම්මේ..'
හ්ම්...කෝ දැන් බෝනික්කට ඇන්දුවද සාරිය..
'නෑනෙ අම්මේ..එයාට සාරි හැට්ටයක් නෑ නෙ..ඉස්සෙල්ලා ඒක මහල දෙන්න ඕන නේ... '

Saturday, November 20, 2010


චිත්‍ර අඳිනකොට සියලු දුක් අමතක වෙනවා..... ඇදලා ඉවර උනාම ලොකු සතුටක් දැනෙනවා....! මේ මගේ පුන්චි සිතුවම් 2 කක්.............

Thursday, November 18, 2010

යාලුවො අමතක කරන්න එපා...



විශ්වවිද්‍යාලයකට ගිහාම අපිට එක එක යාලුවො හම්බ වෙනවා..ඉස්කෝලෙට වඩා ගොඩාක් වෙනස්. එහෙදි අපිට හම්බ වෙන්නෙ එක එක පලාත් වලින් ආපු නා නා විධ ගතිගුන තියන අය. ජීවිතේ මිනිස්සු හදුනගන්න තියන හොඳම ‍තෝතැන්න විශ්වවිද්‍යාලයයි.
අපිට යාලුවො ඔනෙ ජීවත්වෙන්න මොකද ,අපිට ඉස්කෝලෙ යනකොට වගේ අම්මල තාත්තල ලඟ නැහැනේ..2වැනි අවුරුද්ද තමයි මම ආසම අවුරුද්ද.ඒ වෙනකොට මට හොඳ යාලුවො ටිකක් සෙට් උනා. අපි හිටියෙ බෝඩිමක. . උයාගෙන කෑවා..සින්දු කිව්වා..හරිම සෙල්ලක්කාර සුන්දර ජීව්තයක්..! කිසිම තනිකමක් දනුනෙ නැහැ..
අඩනකොට සැනසුවා..හිනා වෙනකොට හින උනා..

සමහරු කා එක්ක හරි affair 1ක් පටන් ගත්තම , තමන්ට මෙච්චර කල් දුකට සැපට හිටිය යාලුවො අමතක කරල දානව.එහෙම යාලුවො අමතක කරන්න එපා...

දැනටත් මට ඒ යලුවො ටික ඉන්නවා..ඉස්සරහටත් ඉදීවි..මේ අපේ අන්තිම අවුරුද්ද..වැඩ ගොඩායි...කොච්චර වැඩ තිබුනත් මගේ ආදරනීය යලුවො වෙනුවෙන් මේක ලියන්න ඕන කියල හිතුවා....

ප්‍රේමය


ඇත්තටම ආදරය කියන්නෙ ආත්මාර්තකාම් හැගීමක් ද? අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ.. මිරිගුවක් පස්සෙ දුවන නිසා තමන්ට ඇත්තටම ආදරය කරන කෙනා පේන්නෙ නෑ..පෙනුනත් ඒක ගනන් ගන්නැහැ..හැබයි තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩියි. දුවල දුවල හති වැ‍ටුනම තමන් සතු කරගැනීම ආදරය නොවෙයි කියල හිතල ටිකක් විතර හිත හදා ගන්න පුලුවන් වේවි..
මිනිස්සු ගොඩාක් ඉක්මනට වෙනස් වෙනවා..හිතාගන්න බැරි විදියට...! කියන දේ කරන කරන දේ කියන මිනිස්සු ඉන්නෙ බොහොම ටිකයි..එහෙව් ලොකයේ සබෑ ප්‍රෙමයක් අත් විදිය හැකිද??

තනිකමක් දැනුනා....

නෙතින් ගලන කදුල වියලන්නට
සීතල සුලග විතරයි අද මට
තනිකමක් දනුනා..
වරුසාවෙ නාදය විතරයි අද මට
නැහැ වෙන හඩක් සවනට
තනිකමක් දනුනා...
ඉතින් මා කුමක් කරම්ද
ගන කලුවර මැද ..
සිත්තම් කරනු මිස ඒ
කිසිදා නොදු‍ටු රුව...
එනමුදු දනිමි මම...
දනිමි එය සිතුවමක්ම පමනක් බව.....!