Thursday, January 13, 2011

Pass Word දමා ලොක් කලා...

"කලක නිදහසේ පාවුන
ඔබ වෙනුවෙන්ම වෙන්වුන
මගේ සිතිවිලි
ඔබ වෙනුවන්ම වූ නිසාදෝ
ඔබට අගයක් නැති වුනේ...
දන්නෑ තවම මම
දෙනෙත පියාගෙන
Pass Word දමා ලොක් කලා
ආයෙත් හිතුමතේ
Access කරන්න බැරි විදියටම....!"

Thursday, January 6, 2011

සිනා මල් පූදීවි.....



ලැබුවත් ආදරයෙන් සරදම්
හෙලනු එපා යලි කදුලැල්
සෙනෙහසේ මල් දෝර ගලන
දවසක් ඒවි පෙරසේ යලිත්
එවිට මේ කදුල
ඔබ හැරදා පලා යාවි..
සිනා මල් පූදීවි..
කිමද දනිමි මම
ඔබට උරුම
කදුල නොව
සිනහවම
පමනක් බව..