Saturday, April 30, 2011

ඔබගේ ලොකයේ අංශු මාත්රයකවත්….


දහසක් දේ කීමට ඇතත් ඔබට මට

ඔබ නෙතු අබියස

මුව ගොලුවන අරුමය

මගේ ලොකයේ හැම තත්පරයකම

ඔබ සරිසරන බව

පතන හැම පැතුමකම ඔබ ‍රැදී

දකින හැම හීනයකම ඔබ මා ලඟ බව

මුවින් කෙලසක පවසමිද ..

ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්

මා නැති බව දැන දැන...!

Saturday, April 16, 2011

මගේ හිත සොයමි මම

හමන සුලඟට මුසු කරන්නට
සිනා ‍රැලි කෝ කොහෙ ගියාදෝ

වැටෙන වැස්සට දිය කරන්නට
කඳුලු බිඳු කෝ කොහෙ ගියදෝ

නැගෙන හිරු කිරනට දවන්නට
සිතුම් ‍රැලි කෝ කොහෙ ගියාදෝ

මට කියා තිබුනු ඒ එකම එක හිත මගේ
ඔබ අරන් ගියාදෝ...ඔබ අරන් ගියාදෝ...