Sunday, July 31, 2011

තවම ඔබ....


එදා මෙන් තවම
ලැගුම් ගෙන ඇත
මගේ හිත හරස්කොට
තවම ඔබ එතැනමය
නැතත් ඔබ මා ලග
කිමද මේ අරුම
පෙනෙන ඒ රුව ඔබමය
මගතොට ...

Sunday, June 26, 2011

කොහොමද ජීවිතේ..?



තවමත් එකම එක මතකයක්
විදුලියක් වගේ
හිත පුරාවට
දිගට හරහට
දුවන බව....

ඇස් පාරමින්
රූරා වැටන
කදුලු බින්දු වල උනුහුම
තවමත් මම විදින බව...
නොකීවෙමි නුබට
සමාවනු මැන මට
ජීවිතය කොහොමදැයි පැනයට...

Friday, May 27, 2011

සිහිනයෙන්...හැබැහින්...

පාලුව මා වටා සැරි සරනවිට
ඔබ හීනෙන් මගෙ හිත් දැහැනට එනවා
ඔබ හැබැහින් ඈ සමගින් යනවා
ඔබෙ තුරුලේ මා හිනැහෙනවා
සිහිනයෙන්.....

නොදැනිම කාලය දිව යනවා
මගේ නෙතු කදුලින් බොද වෙනවා
නින්දෙන් මා යලි පිබිදෙනවා
අද මම තනිවම කවි ගී පබදිනවා
හැබැහින්.....

Friday, May 20, 2011

නෙතු

නෙතු මත එබී බලා
කෙඳිරූ රහස
දිය කර හරින්නට
කදුලු බිදු මදි මට අද..

Saturday, April 30, 2011

ඔබගේ ලොකයේ අංශු මාත්රයකවත්….


දහසක් දේ කීමට ඇතත් ඔබට මට

ඔබ නෙතු අබියස

මුව ගොලුවන අරුමය

මගේ ලොකයේ හැම තත්පරයකම

ඔබ සරිසරන බව

පතන හැම පැතුමකම ඔබ ‍රැදී

දකින හැම හීනයකම ඔබ මා ලඟ බව

මුවින් කෙලසක පවසමිද ..

ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්

මා නැති බව දැන දැන...!

Saturday, April 16, 2011

මගේ හිත සොයමි මම

හමන සුලඟට මුසු කරන්නට
සිනා ‍රැලි කෝ කොහෙ ගියාදෝ

වැටෙන වැස්සට දිය කරන්නට
කඳුලු බිඳු කෝ කොහෙ ගියදෝ

නැගෙන හිරු කිරනට දවන්නට
සිතුම් ‍රැලි කෝ කොහෙ ගියාදෝ

මට කියා තිබුනු ඒ එකම එක හිත මගේ
ඔබ අරන් ගියාදෝ...ඔබ අරන් ගියාදෝ...

Thursday, January 13, 2011

Pass Word දමා ලොක් කලා...

"කලක නිදහසේ පාවුන
ඔබ වෙනුවෙන්ම වෙන්වුන
මගේ සිතිවිලි
ඔබ වෙනුවන්ම වූ නිසාදෝ
ඔබට අගයක් නැති වුනේ...
දන්නෑ තවම මම
දෙනෙත පියාගෙන
Pass Word දමා ලොක් කලා
ආයෙත් හිතුමතේ
Access කරන්න බැරි විදියටම....!"