Sunday, December 5, 2010

කාලයේ සරදම...

මදක් පසු පස නෙත් හෙලනු මැන
ගෙවුනු කාලය යලි නො එනු ඇත..
සිව් වසක අතීතය..
සිනහව කදුල පිරි
සිව් වසක ඒ රම්‍ය අතීතය...
කුරු‍ටු ගා ගත හැකිවේ ද
පන්හිදට හෝ තෙලිතුඩට...
මුසුකරමි ඒ මතක සුවද මම
සුසුමකින් මේ නිහඩ ගුවනට..
කියනු මැන මට මිතුරනේ..
මෙය නොවෙ ද කාලයේ සරදම... ?



No comments:

Post a Comment