
බලනු ක්ෂිතිජය
මනංකල්පිත
සිපගෙන ඇති අයුරු
අහස හා සයුර..
මෝඩයෝ
නෙත් හැර බලනු එහි
මනංකල්පිත ලස්සනක්
විනා වෙන කිසිවක්
නොමැති බව..
වෙහෙසනු දෙනෙත් යුග
අහසෙහි නොව
මේ පොළෝ තලය මත
සොයා ගැනුමට සුන්දර
ගලා බසින නදියක්...
මෝඩයෝ
බලනු එය
කවදාක වත් ලොව
මුහුද අත හැර
පලා නොයන බව..
No comments:
Post a Comment