Saturday, April 30, 2011

ඔබගේ ලොකයේ අංශු මාත්රයකවත්….


දහසක් දේ කීමට ඇතත් ඔබට මට

ඔබ නෙතු අබියස

මුව ගොලුවන අරුමය

මගේ ලොකයේ හැම තත්පරයකම

ඔබ සරිසරන බව

පතන හැම පැතුමකම ඔබ ‍රැදී

දකින හැම හීනයකම ඔබ මා ලඟ බව

මුවින් කෙලසක පවසමිද ..

ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්

මා නැති බව දැන දැන...!

Saturday, April 16, 2011

මගේ හිත සොයමි මම

හමන සුලඟට මුසු කරන්නට
සිනා ‍රැලි කෝ කොහෙ ගියාදෝ

වැටෙන වැස්සට දිය කරන්නට
කඳුලු බිඳු කෝ කොහෙ ගියදෝ

නැගෙන හිරු කිරනට දවන්නට
සිතුම් ‍රැලි කෝ කොහෙ ගියාදෝ

මට කියා තිබුනු ඒ එකම එක හිත මගේ
ඔබ අරන් ගියාදෝ...ඔබ අරන් ගියාදෝ...

Thursday, January 13, 2011

Pass Word දමා ලොක් කලා...

"කලක නිදහසේ පාවුන
ඔබ වෙනුවෙන්ම වෙන්වුන
මගේ සිතිවිලි
ඔබ වෙනුවන්ම වූ නිසාදෝ
ඔබට අගයක් නැති වුනේ...
දන්නෑ තවම මම
දෙනෙත පියාගෙන
Pass Word දමා ලොක් කලා
ආයෙත් හිතුමතේ
Access කරන්න බැරි විදියටම....!"

Thursday, January 6, 2011

සිනා මල් පූදීවි.....



ලැබුවත් ආදරයෙන් සරදම්
හෙලනු එපා යලි කදුලැල්
සෙනෙහසේ මල් දෝර ගලන
දවසක් ඒවි පෙරසේ යලිත්
එවිට මේ කදුල
ඔබ හැරදා පලා යාවි..
සිනා මල් පූදීවි..
කිමද දනිමි මම
ඔබට උරුම
කදුල නොව
සිනහවම
පමනක් බව..

Thursday, December 30, 2010

අපිත් ඔන්න ක්‍රිකට් ගැහුවා ඕං...



ම් ම්..ඒක නම් නියම මැච් 1ක්..1 ටීම් 1කට 6 දෙනයි..ගෑනු ළමයි 4 ,පිරිමි ළමයි 2
හික් හික් ..පොඩි කාලෙ වගේ උච්චි උච්චි තොල් දාල තමයි ටීම් 2 බෙදුනේ..
පිරිමි ලමයි කලේ ෆීල්ඩින් විතරයි...

ඔන්න ඉතින් ඒ කත් එහෙම බෙදුනයි කියමුකො..
ඊට පස්සෙනෙ හොඳම හරිය තියෙන්නෙ..
ෆීල්ඩින්ග්,බැටින් ශා කියල වැඩක් නෑ...!

පොඩි කාලෙ නන් අයියා එක්ක ක්‍රිකට් ගහනකොට මම නීති දාලනෙ ගහන්නේ..
1. බොලේ වේගෙන් දම්මොතින් ඒක නෝ බෝල්
2. මට out 2ක් වත් ඕනේ
3. මට ඉස්සෙල්ල ගහන්නත් ඕනේ

හික් හික්
ඉතින් එහෙම නැතුවත් බෑනේ අප්පා.. 1 ඇප්ලයි නොකරානන් මාව පලවෙනි බෝලෙන් ඔඋට් නේ..
2 ඇප්ලයි නොකරනන් මට ලකුනු 10ක් වත් ගහගන්න වෙන්නානේ
3 ඇප්ලයි නොකරානන් මට වෙන්නෙ මුලු හවස් වරුවම බොලෙ අහුලන්න විතරයිනේ

අනේ ඉතින් ඔහොමයි පොඩි කාලෙ ක්‍රිකට් ගැහිල්ල

දැන් ඉතින් අපි ලොකුයි නොවැ..ඇරත් ගෙදර වගේ මට ඕන විදියට නීති දා ගන්නත් බෑනේ නේද..
ඔන්න ඉතින් බැස්සා පිට්ටනියට..හපොයි බැට් 1කෙ බර..කොහොම හරි බර අඩු බැට් 1කුත් හොයා ගත්තා..
හික් හික්
දැන් ඉතින් ගහන්නයි තියෙන්නේ..
ඔන්න බෝලෙ එනවා..අපරාදෙ කියන්න බෑ අපි ඔක්කොටම හොඳටම ක්‍රිකට් පුලුවන්නේ..හික්ස්..ශා
බොලෙ 10 සරයක් විතර බම්ප් වෙලා වරුවක් විතර ඔන්න බිම දිගේ යාන්තන් එනවා..
ඔන්න ඉතින් ඇගේ තියන මුලු ශක්තියම දාලා අනේ ගැහුවා..මන් හිතුවෙ ඒක සැහෙන දුරක් යාවි කියලා..එත් කෝ නැනේ අනේ..
චුට්ට දුරක් ගිහින් නතර උනානේ..ශික්..
කමක් නෑ ඊලග බෝලෙට දෙනවා කියල හිතාගෙන කඩුලු අතර දිව්වා ..
අප්පා පුදුම දුරක් නෙ දුවන්න තියෙන්නේ..
බුදු අම්මෝ ..කඩුලු අතර දුර හොඩටම වැඩිනෙ..!

කවුද දන්නෙ මෙච්චර දුරයි කියලා... ඒකනෙ කියන්නෙ දෙයක් කොරලම බලන්ට ඔනේ ඒකෙ රඟේ දැන ගන්න..

අනේ කොහොම කොහොම හරි අපි ලකුනු යාන්තන් 21ක් ගහ ගත්තා..

දැන් ඉතින් ෆීල්ඩින් & බෝලින්..හික්ස්..
අනේ අපොයි කියල හිතුනේ ඒ වෙලාවේ..

කලින් වගේම මුලු ඇගේම තියන ශක්තිය දාලා බෝල් කලා..කොච්චර හයියෙන් දැම්මත් යන්නෙම නැනේ..
මොනා කරන්නද ඉතින්..

අනේ අම්මප ක්‍රිකට් ගහන එකත් මෙච්චර අමරුයි කියල දැනන් හිටියෙ නෑනෙ..
අපි ඉතින් මැච් 1 සාඩම්බරෙන් පැරදුනා..
මොනව උනත් එදා නන් නියම ෆන් 1ක් ගත්තා..කැම්පස් ජීවිතයේ කවදාවත් අමතක වෙන්නැති දවසක් තමා ඒ.....


Saturday, December 25, 2010

පාර වැරදුනේ කාටද??


දැන් ඒවි දැන් ඒවි කියල
බලාන හිටියට
කෝ තවමත් නෑ නේ....
පාර වැරදුනේ
තාමත් නො ආපු ඔහුටද ?
නැතිනම්
එනකන් බලා හිදින ඇයටද ?

Monday, December 20, 2010

හැකිනම් නොවරද්දාම කුරු‍ටු ගාපන්....


මකනය ඕන වෙන්නේ
වැරදුන විට මකන්නට
විතරයි නම්..
කුනුගොඩට විසිකර මකනය
නොවරද්දාම කුරු‍ටුගාපන්..
ඒත් දිනයක
ලස්සන කරන්නත් ඒ මකනයම
ඕන වේවි..
අවුස්සපන් කුනුගොඩ අයෙමත්..!
තිබුනත් එය එතනම
මකන්නට බැරි වේවි
වරදුන තැන්වත්
ලස්සන කරන්නට බැරිවෙවි
පෙර මෙන්
ගල් ගැසී තිබේවි එය
යලි හදන්නට නොහැකි ලෙස..